ඓතිහාසික තොරතුරු
ඌරාපොල මධ්‍ය මහා විද්‍යාලයට දීර්ඝ ඉතිහාසයක් තිබේ. මෙහි ආරම්භය 1875 දී වන අතර එහි ආරම්භක ගුරුවරයා වූයේ මීවිටිගම්මන අලගියවන්න මොහොට්ටි අප්පුලාගේ බුරම්පි අප්පුහාමි මහතාය. ඉන් පසු දිනෙන් දින දියුණු වෙමින් ප්‍රදේශයේ දූ දරුවන්ට දැනුම ලබා දෙන තෝතැන්නක් විය. මෙය ආරමිභයේදී පිරිමි ළමුන් සඳහා පමණක් වු අතර පසුව ගැහැණු ළමුන් සඳහා වර්තමානයේ ප්‍රාථමික අංශය පවතින ස්ථානයේ බාලිකා පාසලක් ඇරඹිය. පසුව මෙම විදූහල පිරිමි විදුහල සමග මිශ්‍ර කෙරිණි. ඵකල විදූහලේ විදූහල්පති වුයේ අලූත්ගම දියෝනිස් මහතාය.
මෙම විදුහල ක්‍රමක්‍රමයෙන් දියුණු වෙමින් 1934 දී ජූනියර් පාසලක් බවට පත්විය. 1934.10.08 දින ලොග් සටහනක දැක්වෙන පරිදි තවත් අලුතින් පංති කාමර දෙකක් ඉදි කරම්න් නවතාවයක් ලැබූ මෙම විදුහල වර්ෂ 1932 සිට 1934 අතර කාළය තුළ මෙහි සීඝ්‍ර වර්ධනයක් පෙනේ. ඵදා විදූහල්පති ධූරය දැරුවේ ඩි ඵ් රණවීර මහතාය. ඵදා
ඔහු ඇතුළු මුළු ගරු මඩුල්ල සය දෙනෙකි.
දියුණු මාවතක් කරා
මෙකල මෙහි ක්‍රියාත්මක වූයේ දෙවරු ක්‍රමයක් වියගදෙවරු ක්‍රමය යනු උදය කාළයේ සහ සවස් කාළයේ අධ්‍යාපන කටයුතු වල යෙදීමයි. මෙම ක්‍රමය යටතේ විදුහල්පතිවරු දෙදෙනෙක් යටතේ පාසල පාලනය විය. උදය වරුෙවී සිංහල මාධ්‍යයෙන්ද සවස් වරුවේ ඉංග්‍රීසි මාධ්‍යයෙන්ද අධ්‍යයන කටයුතු සිදු කොට තිබේ. සිංහල අංශයේ විදුහල්පති වූයේ ඩීගඵ් රණවීර මහතාය. ඉංග්‍රීසි අංශයේ විදුහල්පති වූයේ විලන්ගමුව මහතාය. මෙම මාධ්‍යය දෙක සඳහා උදය වරුවේ ගුරුභවතුන් 05 ක්ද සවස් වරුවේ සය දෙනෙක්ද වූහ.
1985.08.10 දින එවකට අධ්‍යාපන ඇමතිව සිටි රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම විදුහල මධ්‍ය මහා විද්‍යාලයක් බවට පත් කරන ලදී. මෙම කාලයේ විදුහලට තවත් ගොඩනැගිලි දෙකක් ලැබීමෙන් නව කළඑළියක් වැටුණි. වර්ෂ 1986 සැප්තැම්බර් මස මෙම විද්‍යාලය පර්ෂද මූලස්ථ විද්‍යාලයක් ලෙස තෝරා ගැනිණි. ඒ වන විට පාසලේ ගුරුමණ්ඩලය 56 දෙනකුගෙන් සමන්විතය. එවකට විදුහල්පති වූයේ ආර්ගපීගවීග රාජපක්ෂ මහතාය.
ඉන් පසු මෙම විදුහල 2003 දී නවෝද්‍යා පාසලක් බවට පත් විය. මේ වන විට විදුහල්පති ව සිටියේ එස්. ලියනගේ මහතාය. එවකට ගුරු මණ්ඩලය 46 ක් විය.
2003.09.03 දී පාසලේ විදුහල්පති ධූරය භාර ගත් වත්මන් විදුහල්පති එච්. ඩබ්. විජේසිංහ මහතාගේ ක්‍රියාශීලී කැපවීම නිසා මේ වන විට පාසල ප්‍රදේශයේ ප්‍රමුඛ පෙළේ පාසලක් බවට පත් වෙමින් පවතී.
ආරම්භයේ සිට මේ දක්වා විදුහල්පති වරුන්ගේ නම්
1912 දියෝනිස් මහතා
1943 ඩී.බී. විලංගමුව මහතා
1949 ඩී.ඵ් .රණවීිර මහතා
1951 ඩී.යූ.පී. ඵලංගමුව මහතා
1966 පී. ඒ. රණවීර මහතා
1969 යූ. ජෙ. චන්ද්‍රසේකර මහතා
1970 ජී.ඩබිලිවි. ජයසේකර මහතා
1975 ඵ්.ඵමි.ඵ්. බුරමිපි අප්පුහාමි මහතා
1976 ජෙ. ඒ. වෛද්‍යරත්න මහතා
1978 ජෙ.ඵ්. අෙබිරත්න මහතා
1985 යූ.ඵන්. සමරවීර මහතා
1986 ආර්.පී.වි. රාජපක්ෂ මහතා
1990 ඩී.ඵස්.ඵස්. අෙබීවර්ධන මහතා
1993 ඵ්.ඵල්.රණවීර මහතා
1994 කේ.ඵමි.ඵන්.ඵ්. ජේගනවරත්න මහතා
1995 ජී. ඥාණවර්ධන මහතා
1998 එස්. ලියනගේ මහතා
2003 සී. විජෙසුන්දර මහතා
2003-09-03 සිට මේ දක්වා එචි. ඩබි. විජෙසිංහ මයා








