දැනුමැති සමාජයක් සඳහා යන සංකල්පය යටතේ ශ්‍රී ලංකාවෙි බහුතරයක් වූ පාසල් අතරින් බප/ගම්/ඌරාපොල මධ්‍ය මහා විද්‍යාලය ඉසුරු පාසලක් ලෙස තෝරා ගැනීම සම්බන්ධයෙන් අතිශය සතුටට පත් වෙමි.
ඉසුරු පාසල් සංවර්ධනය කිරීමේ අත්‍යාවශ්‍ය මෙවලමක් වශයෙන් මෙම ව්ද්‍යාලය සඳහා මෙම විද්‍යාලය සඳහා වෙබ් අඩවියක් නිර්මාණය කිරීමට අද ගනු ලබන පියවර යථෝක්ත කරුණු තීව්ර කරවනු සැබෑවක් මය.
අත්තනගල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ බහුතරයක් දුවා දරුවන්ට ඔවුන්ගේ අධ්‍යාපන ක්‍රියාවලිය සඳහා මේ තෝරාගත් ඉසුරු පාසල තෝතැන්නක් වනු නොඅනුමානය. තම දූ-පුතුන් සඳහා අංග සම්පූර්ණ පාසලක් අපේක්ෂා කරන දෙමාපියන්ටද මෙය මහත් වූ අස්වැසිල්ලකි. ආශිර්වාදයකි. සමස්ථ ඉගෙනුම්/ඉගනේවීම් ක්‍රියාවලියේම නිවරෙදි ඉදිරි දැක්ම සඳහා වූ මෙම අනගි අවස්ථාව වෙනුවෙන් මා ඇතුˆ ඇදුරු මඩුල්ලේත්, කාර්යමණ්ඩලයේත් කැපවීම නිරන්තර ලබා දෙන බව ප්‍රකාශ කරන්නේ හෘදයාංගම වූ එකඟතාවයකිනි.
H.W. විජේසිංහ
විදුහල්පති
බප/ගම්/ඌරාපොල මධ්‍ය මහා විද්‍යාලය








